Thursday, May 15, 2025
Home » ඊශ්‍රායල-පලස්තීන රාජ්‍ය දෙකක විසඳුම අමෙරිකාවේ ජනාධිපතිවරයා පිළිගනී

ඊශ්‍රායල-පලස්තීන රාජ්‍ය දෙකක විසඳුම අමෙරිකාවේ ජනාධිපතිවරයා පිළිගනී

by sachintha
November 20, 2023 1:00 am 0 comment

බටහිර ඉවුරේ පලස්තීනුවන්ට ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල ජාතිකයන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරන බවවටත් අනතුරු අඟවයි

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ දිගු කාලීන ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් රාජ්‍ය දෙකක් ස්ථාපිත කිරීම එකම විසඳුම බව අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් වොෂින්ටන් පෝස්ට් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම බටහිර ඉවුරේ පලස්තීනුවන්ට ප්‍රහාර එල්ල කරන ප්‍රචණ්ඩකාරී ඊශ්‍රායල ජාතිකයන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරන බවටත් ඔහු අනතුරු අඟවා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. මේ අතර ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් පසු අන්තර්කාලීන කාලසීමාවක් සඳහා ගාසා තීරයේ ආරක්ෂාව කළමනාකරණය කිරීමට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පළමුවතාවට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළ බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. ගාසා තීරයේ පාලනයට පලස්තීන අධිකාරියක් අවශ්‍ය බවට අමෙරිකාවේ ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එසේ වුවද වත්මන් පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් ඒ සඳහා සුදුස්සකු නොවන බවත් ඊශ්‍රායල අගමැතිවරයා අවධාරණය කර ඇත. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බවට පලස්තීන ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සැලකිල්ලට ගනිමින් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT