215
යාපනයේ ශාන්ත ජෝන් පාසල අසල තිබූ වසර එකසිය පනහකටත් වඩා වයස කොහොඹ ගස පසුගිය 16 දා සවස ඉදිරී වැටී තිබේ.
අධික සුළඟ හා වර්ෂව හේතුවෙන් මෙම ගස ඉදිරී වැටී තිබේ. පාසල් සිසුන් විශාල පිරිසකට මෙම කොහොඹ ගස වසර ගණනාවක්ම සෙවණ සපයා ඇත්තේ ඔවුන්ගේ බස් රථ පැමිණෙන තුරු සෙවණට සිටීම පිණිසය. විශාල කොහොඹ ගස ඉදිරී වැටීමෙන් පසුව නගර සභාවේ හා මහා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පැමිණ එම ගස ඉවත් කොට ඇත. ගස කපා ඉවත් කරනතුරු එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට තිබුණි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ