සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පත් කර තිබේ.
නව ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (20) පෙරවරුවේ වැඩ භාර ගැනීමට නියමිතය.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම්වරයකු ලෙසත් මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාව පාකිස්තානයේ නියෝජිතයා වශයෙන් ද පත්කර තිබිණි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කළ ඒ මහතා කීර්තිමත් රාජ්‍ය නිලධාරියකුද වෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එම ධූරයෙන් ඉවත්වීමත් සමඟ මෙම නව පත්වීම සිදු කර තිබේ.
සුභාෂිණී සේනානායක, සන්ධ්‍යා කරුණාරත්න