Home » බීමත් රියැදුරාගේ බිරිය මාලිගාවත්ත PCගේ බෙල්ල සූරලා

බීමත් රියැදුරාගේ බිරිය මාලිගාවත්ත PCගේ බෙල්ල සූරලා

by sachintha
November 20, 2023 12:41 am 0 comment

බිමත්ව රිය පැදවූ රියැදුරෙකු මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ බිරිඳ විසින් ඊට විරෝධය දක්වා පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල හා අත සූරා තුවාල සිදු කර තිබේ. මෙම සිදුවීම වී ඇත්තේ මාලිගාවත්ත ප්‍රදීපා මාවතේදී පසුගිය 17 වෙනිදා බව මාලිගාවත්ත පොලිසිය කියයි.

රථවාහන නඩු ලබා ගනිමින් සිටි මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි රියදුරු බීමතින් සිටින බව පෙනී ගොස් ඇත. එහිදී මූලික පරීක්ෂා කිරීම්වලින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ලොරි රථයේ සිටි ඔහුගේ බිරිඳ ඊට විරෝධය දක්වමින් පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය කියයි.

එහිදී ඇය විසින් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල හා අත නියපොතුවලින් සූරා ඇතැයි පොලිසිය කියයි. එම නිලධාරියා තුවාලවලට ප්‍රතිකාර ගැනීමට රෝහල්ගතව ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය රියැදුරුත් ඔහුගේ බිරිඳත් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා මල්වාන වල්ගම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT