Home » කෝප් සභාපතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

කෝප් සභාපතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

by sachintha
November 20, 2023 12:43 am 0 comment

 

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව අද (20) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දිමට නියමිත බව සමගි ජන බලවේගයේ ප්‍රධානියකු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අතර ඇතැයි පැවසෙන සබඳතා හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම සඳහන් කළහ.

රංජිත් බණ්ඩාර මහතාගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බවද එම විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කරති.

කෙසේ වුවද කෝප් කමිටුව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය යටතේ දින නියමයක් නොමැතිව එම කමිටුව නැවත රැස්වීම අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පියවර ගෙන ඇත.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT