Sunday, May 11, 2025
Home » නෙළුම්විල විහාරයේ කොත නිරාවරණය හිටපු ජනපති මහින්දගේ සුරතින්

නෙළුම්විල විහාරයේ කොත නිරාවරණය හිටපු ජනපති මහින්දගේ සුරතින්

by sachintha
November 20, 2023 1:45 am 0 comment

පොල්ගස්ඕවිට සියඹලාගොඩ නෙළුම්විල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන්ගේ කොත නිරාවරණය කිරීම හිටපු ජනපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) සිදු කෙරිණි.

හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.

එම විහාරස්ථානයේ විහාරාධිපති විතාරන්දෙණියේ මේධානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන පැවැත්වුණි.

අභිනව චෛත්‍ය රාජයාණන්ගේ ගර්භයෙහි බුදු කුටිය විවෘත කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදු කෙරුණු අතර එහි විදුලි ආලෝක පූජාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අතින්ද, විහාර ගෙය විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් ද චෛත්‍ය රාජයාණන්ගේ බාහිර බුදු කුටි විවෘත කිරීම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින්ද සිදු ෙකරුණි.

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි හා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති හා බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT