Home » බුදු සසුනේ චිරස්ථිතියට පනත් රැසක් ඇමැති විජයදාස රාජපක්ෂ

බුදු සසුනේ චිරස්ථිතියට පනත් රැසක් ඇමැති විජයදාස රාජපක්ෂ

by sachintha
November 20, 2023 12:47 am 0 comment

 

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් සංඝාධිකරණයක් පිහිටුවීම ඇතුළු පියවර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර අණපනත් ගණනාවක් ඉදිරියේදී සම්මත කරගැනීමට සැලසුම් කර ඇතැයි අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී ඊයේ (19) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් සංඝ සභාවක් ඇති කිරීම පිළිබඳවද අවධානය යොමුව ඇතැයිද මේ සම්බන්ධව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දැනුවත් කර උන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගත් බවද අධිකරණ ඇමැතිවරයා පැවසීය.
රටේ යහ පාලනය පිණිස 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමත් මැතිවරණ වියදම් සීමා කර දූෂණ වලක්වා ගැනීමට කටයුතු කිරීම, විවිධ බාධක මධ්‍යයේ දූෂණ විරෝධි පනත සම්මත කරගැනීම ඇතුළු කරුණු ශාසනික හා පොදු දේශපාලනික කරුණු රැසක් පිළිබඳව මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ සාකච්ඡා කළ බවත් ඉදිරියේ දී රටට වැදගත් අණපනත් 40 ක් පමණ සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් අධිකරණ ඇමැතිවරයා කීවේය.
අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT