කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිදු කළ හෙළිදරව්ව හේතුවෙන් හිටපු සියලු සභාපතිවරුන්ට චෝදනාවක් එල්ලවන බැවින් මේ සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කළ යුතු බව කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී 18 වැනිදා ප්‍රකාශ කළේය.
මෙම සිදුවීමට සම්බන්ධ සභාපතිවරයා සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කළ යුතු බවත් එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුවටත් , කෝප් කමිටුවටත් අගෞරවයක් ඇතිවන බවත් චරිත හේරත් මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළේ එම සිදුවීමටත් වර්තමාන සභාපතිවරයා සම්බන්ධ බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා,
‘ඊයේ සාකච්ඡාවේ දී හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ කටින් කියවුණා ලිංගික අල්ලස් ගත්තු කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් කියලා. හිටපු සභාපතිවරු ගොඩක් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ ප්‍රකාශය හා සම්බන්ධ සභාපතිවරයාව ඇත්තටම හොයන්න ඕනේ. නැත්නම් පාර්ලිමේන්තුවටත් ඒ සභාවටත් විශාල අගෞරවයක් වෙනවා’
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා,
මම සදාචාරත්මකව මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකත් එක්ක ඕකත් අර ඇඟිල්ල කටේ තිබ්බ මහත්තයාගේ ඇඟට දාන්න බැරි හින්දා පාර්ලිමේන්තුවේ අවධානයට යොමුකරන්න මේක කිව්වේ. මේකට වර්තමාන සභාපතිවරයා සම්බන්ධයි’