Sunday, May 11, 2025
Home » චෝදනා ඔප්පු කළොත් මන්ත්‍රීකමින් අස්වෙන් කෝප් කමිටුවේ සභාපති සූදානම්

චෝදනා ඔප්පු කළොත් මන්ත්‍රීකමින් අස්වෙන් කෝප් කමිටුවේ සභාපති සූදානම්

by chanaka
November 20, 2023 1:49 pm 0 comment

තමාට එල්ල කර ඇති ලිංගික හිරිහැර කිරීමේ චෝදනා ඔප්පු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (20)පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ප්‍රකාශ කළේය.

රංජිත් බණ්ඩාර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා මුළුමනින්ම අසත්‍යවන අතර එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම එම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස රංජිත් බණ්ඩාර මහතා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔහු තවදුරටත් සඳහන් කළේ එම චෝදනා සඳහා තමා නිවැරදිකරුවෙකු බව තහවුරු වුවහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම යටතේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා දණ්ඩනයට ලක් කළ යුතු බවයි.

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිංසන සිදු කර ඇත්තේ පොදු ව්‍යාපාර කාරක සභාවේ වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT