Thursday, May 15, 2025
Home » යතුරුපැදි දෙකක් ගැටී පොලිස් නිලධාරියකු ඇතුළු 2ක් මරුට

යතුරුපැදි දෙකක් ගැටී පොලිස් නිලධාරියකු ඇතුළු 2ක් මරුට

by sachintha
November 20, 2023 1:00 am 0 comment

වවුනියාවේ ශාන්තසෝලේ හන්දියේදී යතුරු පැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියෙකු හා වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් තවත් එක් අයෙකු 18දා තුවාල ලබා තිබේ.
යාපනය -මහනුවර ඒ-9 මාර්ගයේ වවුනියාව ශාන්තසෝලේ හන්දියේදී මෙම අනතුර හේතුවෙන් මියගොස් ඇත්තේ අක්කරායන්කුලම පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ සේවය කරණ පදවිය වැලිඔය ගම්මානයේ පදිංචි 27 හැවිරිදි එස්. දිසානායක නැමති පොලිස් නිලධාරියා සහ වවුනියාව ශාන්තසෝලේ ගම්මානයේ පදිංචි 67 හැවිරිදි කේ.ෂන්මුගම් නැමති දෙදෙනාය.
යතුරු පැදියක පසුපස ගමන් කළ තවත් අයෙකු මෙම අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. පොලිස් නිලධාරියා ඕමන්තේ සිට වවුනියාව දෙසට ඔහුගේ යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදිය එක්වරම ශාන්තසෝලේ හන්දියෙන් හැරවීම නිසා මෙම අනතුර සිදුව ඇත. ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT