Thursday, May 15, 2025
Home » තේක්කවත්ත පාලම කඩා වැටේ ජනතාව දැඩි පීඩාවට

තේක්කවත්ත පාලම කඩා වැටේ ජනතාව දැඩි පීඩාවට

by sachintha
November 20, 2023 1:00 am 0 comment

දෙයියන්දර සීනිපැල්ල හරහා මාකඳුර මාර්ගයේ තේක්කවත්ත පාලම පසුගිය 17 වැනි දින උදේ 9.30ට පමණ කඩා වැටී ඇත. කිරමආර හරහා ඉදිකර තිබූ එම පාලම 1978 වර්ෂයේ ඉදිකර ඇති අතර ප්‍රදේශයට බලපා ඇති වැසි තත්ත්වයත් සමඟ පාළම එක්වරම කඩා වැටී තිබුණි.

පාලම කඩා වැටීමත් සමඟ සීනිපැල්ල, මඩුවල ඇතුළු ගම්මාන රැසක පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් දැඩී පීඩාවකට පත්ව ඇත.

මාකඳුර ජාතික පාසලට ගිය පාසල් සිසුන්, ආදපාන මූලික රෝහලට ගිය රෝගීන් ඇතුළු විශාල පිරිසක් මේ නිසා පීඩාවට පත්ව ඇති බවට වාර්තා වේ.

පාලම කඩා වැටෙන්න සුළු මොහොතකට පෙර දෙයියන්දර සිට බස් රථයක් පාලම මතින් යාමට පැමිණ ඇති අතරම පාලම ආසන්නයේ සිටි මගියෙකුට නැඟීම සඳහා බස් රථය නතර කිරීම හේතුවෙන් ජීවිත රැසක් බේරුණු බවට ප්‍රදේශවාසීහු පවසති.

දෛනිකව මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථවාහන සිය ගණනක් මෙම පාලම මතින් ගමන් කරන අතර පාළම කඩා වැටීමත් සමඟම මාර්ගයේ රථවාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අඩාළ වී ඇත. රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බැවින් ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින අතර ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ තාවකාලික පාලමක් හෝ ඉදිකර දෙන ලෙසටයි.
ඌරුබොක්ක විශේෂ – ඒ.පී. දයාචන්ද්‍ර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT