Home » මිනිසුන්ට කවන්න හැදූ ජරා කුකුළු මස් කිලෝ 2000ක් උසාවියේ නියමයෙන් වළලයි

මිනිසුන්ට කවන්න හැදූ ජරා කුකුළු මස් කිලෝ 2000ක් උසාවියේ නියමයෙන් වළලයි

by sachintha
November 20, 2023 1:00 am 0 comment

 

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ සත්ව ගොවිපළක විකිණීමට සුදානම් කර තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු කුකුළු මස් කිලෝ 2000ක් විනාශ කරන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් මහතා නියම කළේය. මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපළක සත්ව ආහාර ලෙස සඳහන් කරමින් විකිණීමට සූදානම් කර ඇති කුකුළු මස් මනුෂ්‍ය පරිභෝජනය සඳහා නුසුදුසු බවට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත තොරතුරක් ලැබී ඇති බව අධිකරණයේදී සඳහන් විය.

ඒ අනුව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂක ඒ. ඩී. ආර්. කුමාරලාල් හා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් ස්ථානය වටලා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් තොගය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

සත්ව ආහාර ලෙස සඳහන් කරමින් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් විකිණීම සඳහා සන්තකයේ තබාගත් සැකකරුට රුපියල් 10000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් මහතා නියම කළේය. කුකුළු මස් තොගය රාජසන්තක කෙරුණි.

අධිකරණ නියෝග මත 17 වෙනිදා පස්වරුවේ දී රාජසන්තක කෙරුණු එම කුකුළු මස් තොගය මිනුවන්ගොඩ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් මහතා ඉදිරිපිටදී මාබොදල කසළ අංගණයේ දී විනාශ කෙරුණි.

ගම්පහ සමූහ ටෝනි කරුණානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT