Home » ට්‍රැක්ටර් ටේලරය පාර හරහා පෙරළී දුම්රිය සේවකයෝ 8ක් රෝහලේ

ට්‍රැක්ටර් ටේලරය පාර හරහා පෙරළී දුම්රිය සේවකයෝ 8ක් රෝහලේ

by sachintha
November 20, 2023 1:00 am 0 comment

හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වු දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ට්‍රැක්ටර් රථයක පසුපස ටේලර් කොටස ගැලවී මාර්ගය හරහා පෙරළීමෙන් ටේලර් රථයේ ගමන් ගත් දුම්රිය නඩත්තු අංශයේ සේවකයන් 8 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය. හැටන් සිට නාවලපිටිය දක්වා දුම්රිය නඩත්තු අංශයේ සේවකයන් පිරිසක් සහ උපකරණ ප්‍රවාහනය කර ඇති ටැක්ටර් රථය හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ල්අප්පුව ප්‍රදේශයේදි (18) දින පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ධාවනය වෙමින් තිබු ටැක්ටර් රථයේ ටේලරය අමුණන කොටසින් ටේලරය ගැලවී ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ඇති බවත්, ටේලරය ගැලවීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30ක පමණ කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබුණි.
ධාවනය වෙමින් තිබු ටැක්ටර් රථය වංගුවක් ගැනීමත් සමඟ ටේලරය ගැලවී මෙම අනතුර සිදු ව ඇති බවත්, තුවාල ලැබුවන් බරපතළ නොවන බවයි අනතුර ගැන පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
හැටන් රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT