තිරසාර අනාගතයක් උදෙසා තුරු පිරි රටක් යන තේමාව මුල් කර ගනිමින් දිවයින පුරා පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන යටතේ මධ්‍යම නුවරගම් පළාතේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී. සේනාරත්න මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොමර්ෂල් බැංකුවේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස හා අභයගිරි පූජා භූමිය කේන්ද්‍රකර ගනිමින් මහත් උත්සවාකාරයෙන් පැවැත්විණ.
භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අභයගිරි විහාරාධිකාරී ආචාර්ය කල්ලන්චිය රතනසිරි නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී මී, කරඳ, කොහොඹ යන පරිසර හිතකාමී පැළ වර්ග රෝපණය කරන ලදී.
මෙම අවස්ථාවට මධ්‍යම නුවරගම් පළාත් සහකාර ප්‍රාදේශීය ලේකම් සංජය ලක්මාල්, පරිසර සංවර්ධන නිලධාරී එම්.ඩබ්ලිව්.කේ. ජයලත්, අභයගිරි ව්‍යාපෘති කළමනාකරු එම්.අයි.පී. ආනන්ද ජයවර්ධන යන මහත්වරු ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල අභයගිරි ව්‍යාපෘතිය නිලධාරීන්ද කොමර්ෂල් බැංකුවේ උතුරු මැද පළාත් සාමාන්‍යාධිකාරී නලින් සමරනායක මහතා ඇතුළු නිලධාරීන් ද විශාල පිරිසක් සහභාගි වූහ.
අනුරාධපුර දිසා විශේෂ – වොල්ටර් දයාරත්න