ත්‍රිකුණාමලේ පරවි දූපත් ජාතික උද්‍යානය ආසන්න මුහුදු තීරයේ තුවාල ලබා සිටි බටු කැස්බෑවන් දෙදෙනකුට ප්‍රතිකාර කර නැවත සාගරයට මුදා හැරීමට කටයුතු කළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මසුන් ඇල්ලීම සඳහා එලන ලද දැලකට සිරවී එක් කැස්බෑවකු තුවාල ලබා ඇති අතර අනෙක් සත්ත්වයාගේ හිසට කිසියම් අයෙකු පහරදී තුවාල සිදු කර ඇති බවට වාර්තා වේ.
පරවි දූපත් ජාතික වන උද්‍යානය ආසන්න මුහුදු තීරයේ ධීවර රැකියාවේ යෙදෙන ධීවරයින් විසින් සිදු කරන නීති විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් නිරන්තරයෙන් මෙලෙස සතුන් අනතුරුවලට පත්වන බව පරවි දූපත් ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා පැවසීය. තුවාල ලබා සිටි සතුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගිරිතලේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවට අයත් පශු වෛද්‍ය ඒකකයට රැගෙන ගොස් ඇති අතර එක් කැස්බෑවකුගේ දෑත් යුගලයෙන් එකක් ඉවත් කිරීමට සිදුව ඇත. ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවතත් කැස්බෑවන් දෙදෙනා සාගරයට මුදාහැර ඇත.