පොලිස් වසම් 10කින් රුපියල් කෝටියක් පමණ වටිනා මෝටර් රථ තුනක් සහ යතුරුපැදි හයක් සොරාගෙන කොල්ල කෑම් සහ සොරකම් සිදුකළ සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන සැකකරු මහබාගේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව අධිකරණ කීපයක ඊට පෙර සිදුකළ සොරකම් සම්බන්ධයෙන් නඩු 21ක් විභාග වෙමින් පවතින බවත් වරෙන්තු 6ක් ඇත්තෙකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු රැඳී සිටි එම නිවස තුළ තිබී රෙදි කැපීම යොදා ගන්නා ලක්ෂ ගණනාවක් වටිනා යන්ත්‍රයක්, ප්‍රින්ටර් දෙකක් යකඩ කපන මැෂිමක්, ඡායා පිටපත් මැෂින් දෙකක්, ලැප්ටොප් පරිගණකයක් වයර් රෝල් හයක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හතරක් විදේශීය මුදල් පැරණි නෝට්ටු පිත්තල භාණ්ඩ ඇතුළු වටිනා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
මහ මඟ නතර කර තිබෙන මෝටර් රථ සහ යතුරුපැදි හිටි හැටියේ සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නායක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත කරන ලද නියෝගයක් අනුව පොලිස් කොස්තාපල් 84762 කුමාර නිලධාරියා කළද රහසිගත තොරතුරු තොරතුරකට අනුව එම කල්ලියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
සැකකරු සමඟ ඔහු අලුබෝමුල්ල, බොරැල්ල කිතුල්වත්ත ප්‍රදේශයෙන් ප්‍රදේශයෙන් සොරා ගත් මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
සොරකම් රැසකට සම්බන්ධ සිටින සැකකරු තදින් තදින් අයිස් මත්ද්‍රව්‍ය පානය පානයට ඇබ්බැහි වූවකු බව පවසන පොලිසිය රිමාන්ඩ් බාරයේ සිට මෙම වසරේ මුල් භාගයේ දී ඇප මත පැමිණි පුද්ගලයෙකු බවත් පොලිසිය සඳහන් කරයි.
අනතුරුව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු සම්බන්ධ කරගෙන මිරිහාන මහරගම හෝමාගම කඩුවෙල තලංගම වැලිකඩ සපුගස්කන්ද කහතුඩුව හොරණ හා අලුබෝමුල්ල පොලිස් වල මෝටර් රථ සහ යතුරුපැදි සොරාගෙන මහ මග ගමන් ගත් කාන්තාවන්ගේ අත් බෑග් සහ එකී පොලිස් වසම්වල වෙළඳසැල් කඩා දේපළ සොරා ගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි. සැකකරු ඇතුළු ඔහුගේ කල්ලිය එක්ව සිදු කළ සොරකම් 31 ක් ඒ ඒ පොලිසි වලට වාර්තා වී ඇති බවත් උසස් පොලිස් නිලධාරියා පැවැසීය. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු කල්ලිය අයිස් මත් ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවන් වන අතර කාන්තාවන්ගේ අත් බෑග් කඩා කොල්ල කන ලද සියලු මුදල් ඒ සඳහා වැය කර තිබූ බව ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත. සොරාගත් මෝටර් රථ දෙකක් සහ තවත් යතුරුපැදි හතරක් කොල්ලකෑම් වලට යොදා ගැනීමෙන් අනතුරුව වෙනත් පොලිස් වසම් වල අත්හැර ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බන්ඩාර පොලිස් සැරයන්වරුන් වන 40248 ප්‍රසන්න 51496 බණ්ඩාර 21284 බණ්ඩාර 14530 සිසිර පොලිස් කොස්තාපල්වරුන් වන 84762 කුමාර 81693 චානක 77688 අමිල 104675 කේසර 104711 ජයතිලක 104870 විජේරත්න මහත්වරු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම බිමල් ජයසිංහ