අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පෙරේදා (19) දිනයේදීත් ගංවතුර තත්ත්වයක් පැවතුණි. කෑගල්ලේ වෙළෙඳසල්, නිවාස යාන වාහන ආදිය ද වතුරෙන් යට වී හානි සිදුව තිබිණි. ත්‍රිරෝද රථ වතුරට ගසාගෙන ගොස් තිබිණි. ඇතැම් ත්‍රීරෝද රථ ලණුවලින් ගැට ගසා බැද තිබූ අතර රෙදි සෝදන යන්ත්‍ර පවා ගසාගෙන ගොස් තිබිණි.
පෙරේදා(19) සවස ඇදහැළුණු ධාරානිපාත වැස්ස හෙතුවෙන් කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයට හෙට්ටිමුල්ල මීදෙණිය ප්‍රදේශයේ දී විශාල නායයෑමක් සිදු වී මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බවත් පස් ඉවත් කරනතුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් අපදා කළමනාකරණ ඒකකයේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා ඊයේ(20) පැවසීය. පෙරේදා(19) සවස ඇදහැළුණු මහවැසි හේතුවෙන් කෑගල්ල නගරය, නිදහස් මාවත, කෑගල්ල විකල්ප මාර්ගය, කෑගල්ල හෙට්ටිමුල්ල මාර්ගයේ එකේ කණුව පරගම්මන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට විය. මාර්ගයේ ගමන් කරමින් තිබුණු රථවාහන ජලයට හසු වී ඇති අතර කෑගල්ල ඩිපෝවේ බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මගීන් සමඟ පරගම්මන ප්‍රදේශයේ දී ජලයෙන් යට වී තිබේ. කෑගල්ල නිදහස් මාවතේ දී කාර් රථයක් ඇළකට වැටී ගසාගෙන ගොස් තිබුණි.
දයාරත්න බණ්ඩාර-කෑගල්ල දිස්ත්‍රික් සමූහ- නිකවැරටිය ගයන්දි පමොධා ධර්මසේන, අනුරාධපුර සමූහ-පර්සි
කුරුනේරු- උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ, හැටන් රංජිත් රාජපක්ෂ කෑගල්ල
විශේෂ- චමින්ද ජයලත්- සබරගමුව සමූහ ගාමිණී රම්‍යපාල