Sunday, May 11, 2025
Home » වැලිමඩ – බදුල්ල මාර්ගය තවදුරටත් වැසෙයි

වැලිමඩ – බදුල්ල මාර්ගය තවදුරටත් වැසෙයි

by yasara
November 21, 2023 10:01 am 0 comment

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක්වූ බදුල්ල වැලිමඩ මාර්ගයේ පුහුල්පොල ඉහළ මාර්ග කොටසට යළිත් පස්කඳු හා ගල් පෙරළී තිබිම හේතුවෙන් මාර්ගය වාහන ධාවනය සඳහා මෙතෙක් යථා තත්වයට පත්කිරීමට නොහැකි වී ඇත.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මාර්ග හා කෘෂිකර්මාන්තයට දැඩි හානි සිදුවී ඇති අතර බදුල්ල – කන්දේගෙදර හා බදුල්ල – වැලිමඩ මාර්ගයේ පුහුල්පොල ඉහළ කොටසේ මාර්ගයට විශාල පස්කඳු හා ගල් පෙරළී මාර්ගය අවහිර වී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය හා බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය එක්වී මෙම මාර්ග යථා තත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරගෙන යන අතර සවස් කාලයේදී මෙම ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව මෙම කටයුතුවලට දැඩි බාධාවක් වී පවතී.

මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කර බදුල්ල හා වැලිමඩ ප්‍රදේශවලට ගමනාගමන අවශ්‍යතාවයන් ඉටුකරගන්නා මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. වැලිමඩ – දඹවින්න හරහා  බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය,   හාලිඇල – ඇටම්පිටිය හරහා බණ්ඩාරවෙල – වැලිමඩ මාර්ග විකල්ප මාර්ග වශයෙන් භාවිතා කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT