Home » මුලතිව් සමූහ මිනී වළේ අභිරහස සෙවීම යළි ඇරඹෙයි

මුලතිව් සමූහ මිනී වළේ අභිරහස සෙවීම යළි ඇරඹෙයි

by yasara
November 21, 2023 10:34 am 0 comment

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනි වලේ කැණීම් කටයුතු  ඊයේ (20)  සිට යළි ආරම්භ කළ බව මුලතිව් විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිලධාරී කනක සභාපති වාසුදේව මහතා පවසයි.

 මෙම කැණීම් කටයුතු සදහා අධිකරණයට රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ලැබී ඇති බවත් එම මුදල සති දෙකක කැණීම් කටයුතු සදහා ප්‍රමාණවත් බවත් ඔහු පැවසීය.

 මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයට ඇද හැලෙන වර්ෂාව නිසා  සමූහ මිනී වල පිහිටි ස්ථානයේ කූඩාරම තවත් අඩි 10 කින් දික් කිරීමට සිදුව තිබේ.

 මුලතිව් කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු පසුගිය සැප්තැම්බර් මස 6 වැනි දින ආරම්භ වූ අතර සැප්තැම්බර් 15 දක්වා කැණීම් කටයුතු සිදු කරන ලදී.

 මෙම කැණීම් කටයුතුවලින් අස්ථි කොටස් 17ක් සොයාගෙන ඇති අතර, තුවක්කු,  එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ අංක තහඩු, ඇඳුම් පැළඳුම් ඇතුළු ද්‍රව්‍ය රැසක් හමු වී ඇත.

 එම ස්ථානයට පැමිණි  උතුරු සංවර්ධනය භාර අතිරේක ලේකම් එල්. ඉලංගෝවන්, මුලතිව් දිස්ත්‍රික් අතිරේක ආණ්ඩුකාර කේ. කනකේෂ්වරන්, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන්, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ දයාබරන්, අධිනීතිඥ වී.කේ.නිරන්ජන්,  කෝකිලායි පොලිස් ස්ථානාධිපති අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂ කි‍්‍රයාකාරී බළකායේ  නිලධාරීන් ,   උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන්  ඇතුළු පාර්ශ්ව කැණීම් කටයුතු ආරම්භ කිරීමට පෙර සාකච්ඡාවක් පවත්වා එම කටයුතු ආරම්හ කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT