සාර්ලිස් මාස්ටර්ගේ කලා ජීවිතය වෙනත් පැත්තකට යොමු වන්නේ 1925 වසරේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම නිශ්ශබ්ද චිත්‍රපටය වූ රාජකීය “වික්‍රමය” ඓතිහාසික චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වීමෙනි. මේ චිත්‍රපටයේ ඔහුගේ සහාය කලා අධ්‍යක්ෂවරයා වූයේ ජී.එස්. ප්‍රනාන්දු නම් ගෝලයාය. මේ චිත්‍රපටයේ ප්‍රධාන පසුබිම් දර්ශනයක් වූ රාජ මාලිගාව ඔවුන් නිර්මාණය කළේ බම්බලපිටියේ පාළු ගොඩනැඟිල්ලකය. මෙහි රාජ කුමාරයා ලෙස රඟ පෑ ඇන්.ඇම්. පෙරේරාට (හිටපු මුදල් ඇමැති) රාජකීය ඇඳුම් නිර්මාණය කළේ මේ ගුරු ගෝලයන් දෙදෙනාය.
කලා රසිකයන්ට මෙන්ම සිංහල බෞද්ධ ජනතාවට “එම්. සාර්ලිස් මාස්ටර්” හඳුන්වා දීම නිෂ්ඵල වෑමයකි. මහා චිත්‍ර ශාස්ත්‍රඥයකු වූ ඔහු සීවලී හාමුදුරුවන්ගේ රූපය බෞද්ධ ගෙවල්වල ආලින්දයට ගෙන ආ අමරණීය චරිතයකි. ඔහු චිත්‍ර ශිල්පියෙකි; කවියෙකි; ගීත රචකයෙකි; පොත් කවර නිර්මාණ ශිල්පියෙකි. කවුරුත් ඔහුට ආමන්ත්‍රණය කළේ ‘සර්ලිස් මාස්ටර්’ යන ගෞරව නාමයෙනි. 1903 වසරේ සිට මාස්ටර් විසින් චිත්‍රපටයට නැගූ දේවාරාධනය, මහාභිනිෂ්ක්‍රමණය, බෝසත් උපත, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, කේශ ධාතු ඡේදනය, සීවලී මහරහතන් වහන්සේ, සූවිසි විවරණය “බෞද්ධ සිතුවම් කඩදාසි” නිර්මාණ ජනප්‍රිය වූයේ යැයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසයි.
අදීන චිත්‍ර ශිල්පියා
මාස්ටර්ගේ සිතුවම් 36ක් ජර්මනියට යවා 1923 දී ලිතෝ ක්‍රමයට මුද්‍රණය කොට බෙදා හැරීමට පුරෝගාමී වූයේ එවකට සිටි ප්‍රධාන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයකු වූ ඩී.විලියම් පේද්‍රිස් මහතා බව “සිංහල විශ්වකෝෂයේ” එකොළොස්වන කණ්ඩයේ සඳහන් වෙයි. 1903 වසරේ කොළඹ පොත් වෙළෙන්දෙකු, ප්‍රකාශකයෙකු වූ ජේ.ඩී. ප්‍රනාන්දු මහතා ද මාස්ටර්ගේ සිතුවම් ජර්මනියට යවා මුද්‍රණය කොට ගෙන්වා ඇති බව අන් තැනක පළ වී තිබුණි. ඔහුගේ බෞද්ධ චිත්‍ර අතරින් වඩාත් ජනප්‍රිය වූ සීවලී මහරහතුන් වහන්සේගේ සිතුවම ගෙදරක හා වෙළෙඳසැලක සෞභාග්‍යෙය් සංක්තයක් ලෙස එල්ලා තිබුණි.
කවියකු වූ සෝමවීර චන්ද්‍රසිරිට අනුව සාර්ලිස් මාස්ටර් “තුට්ටු දෙකක මූඩි කැවුමක් තරම් වූ මදක් උඩුකුරුකොට බැඳුණු කුඩා ෙකාණ්ඩයක් හා ඔහු ඇඳ සිටි සුදු රෙද්දක් ටුවිඩ් කෝට් එකක් දුටුවන්ට මතක චරිතයක්” බවය.
“සාර්ලිස් මාස්ටර් හින්දුස්තානි ගීත රසිකයකු බව ඔහුගේ එකම පුතු සුසිල් ප්‍රේමරත්නයන් (පසුව ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු හා ගායකයෙක්) අපට පවසා තිබුණි.
“තාත්තා ජී.ඇස්. ප්‍රනාන්දු නම් ප්‍රධාන ශිෂ්‍යයාට (පසුව ප්‍රකට චිත්‍රශිල්පී) චිත්‍ර අඳින හැටි කියා දෙනු මම කුඩා කල බලා ගෙන සිටියේ කුතුහලයෙනි. දවසක් මම චිත්‍රයක් අඳිමින් ඒ කාලයේ ගුවන් විදුලියෙන් ඇසුණු හින්දි චිත්‍රපට නළුවෙකු හා ගායකයකු වූ සයිගාල්ගේ ජනප්‍රිය ගීතයක් මුමුණ මුමුණා හිටියා.
“තු නයනා මත වාරේ සතාරේ අම්බූර් ජුලම කරේ”
එදා මම මිමිණූ ගීතයයි.
“පුතා ඒ ගීතයට ආසද?”
“ඔව් තාත්තා”
“පුතා කැමති නම් ඒකට සිංහල වචන දාලා දෙන්නම්”
පියා විසින් “ශ්‍රී රදනා මනහාරී ධාරි සුන්දර පෝය දිනේ” ගීතය ගැළපුවේ චිත්‍රයක් අඳිමින්. මේ ගීතය මම ගුවන් විදුලියට ගැයුවා.”
සුසිල් එදා කිව්වේ තාත්තාගේ තව පැත්තකි.
1890 ජුනි 25 වැනි දා මාළිගාවගේ සර්ලිස් අම්බලන්ගොඩ ආඳාදොළ උපත ලැබුවේය. ඔහුගේ පියා වූ අම්බලන්ගොඩ, බලපිටිය, රත්ගම ප්‍රසිද්ධව සිටි නක්ෂත්‍රාචාර්ය නන්දිරිස් මහතාය. කුඩා සර්ලිස්ව වයස අවුරුදු හතේ දී වැලිතර පන්සලට ගොස් ඤාණතිලක නායක හිමිපාණන්ගෙන් සිංහල, පාලි, සංස්කෘත භාෂාවල මූලික ඉගෙනීම ලබන සමයේ ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ පන්සලේ චිත්‍ර කර්මාන්තය කළ සිත්තරුන්ගේ සිතුවම් දෙසටය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙන් ලද මනා ඉගැනුම ඔහුට කාව්‍ය, ගී රචනා ලිවීමට රුකුලක් විය.
පිරිවෙනට යන කාලයේ දිනක් මරදානේ දුම්රිය පොළට ගිය සාර්ලිස්ට අම්බලන්ගොඩ යාමට එන දුම්රිය පැමිණීමට ප්‍රමාද බව දැන, නිකමට මෙන් ටවර් රංගශාලාව පැත්තට ඇදුණේය. ටවර් ශාලාවේ එළිමහනේ වේදිකා පසුතල අඳිමින් සිටි චිත්‍ර ශිල්පියකු කෙරෙහි ඔහුගේ සිත් යොමු විය. නාට්‍යවල එන රාජමාලිගා, උද්‍යාන, රාජ්‍ය සභා දෙස ඔහු ආසාවෙන් බලා සිටිනු දුටු චිත්‍ර මාස්ටර් “මේ ළමයා චිත්‍ර කර්මාන්තයට ආසයි නේ දැයි? ඇසීය.”
“ඔව්, මාස්ටර්”
වැඩි කලක් ගියේ නැත. හෙන්රි හෙන්රිකස් නම් ඒ මාස්ටර්ට අත් උදව් දුන් සාර්ලිස්ට පිරිවෙන් ගමන අමතක වීය. කොළඹ කොස්ගස්හන්දියේ ස්වර්ණ චෛත්‍ය පාරේ (එදා පොල්වත්ත) ජයතිලකාරාම පන්සලේ චිත්‍ර ඇන්ද හෙන්රිකස් මාස්ටර්ගේ සහාය චිත්‍ර ශිල්පියා, ගෝලයා වීමට සාර්ලිස්ට වැඩි කල් නොගියේය. මාස්ටර් තම දරුවෙකු මෙන් තමා සතු දැනුම ප්‍රධාන ගෝලයාට නිර්ලෝභීව ප්‍රදානය කළේය. තනිවම සාර්ලිස් චිත්‍ර කර්මාන්තය කළ පන්සල් අතර තිඹිරිගස්යායේ අශෝකාරාමය, ඊරියවැටියේ සුනන්දාරාමය, ඉඳුරුව කයිකාවල යාලේගම විහාරය, පොතුපිටියේ පූජාරාමය, තම්මිට බෝමළුව විහාරය මහනුවර කටුකැලේ විහාරය, මතුගම පාන්තියේ ශ්‍රී විහාරය, බෝමිරියේ ගණේවත්ත විහාරය, වරකාගොඩ විහාරය, තිස්සමහාරාමය කැපී පෙනෙයි.
මත්පැන්වලට ගිජු, දුරාචාරයට ගොදුරු වූ පාප මිත්‍රයන් ඇසුර “අසේවනාච බාලා නං” (බාලයන් සේවනය නොකිරීම) පෙර කළ පින් ඇති බව (පුබ්බේච කත පුඤ්ඤතා) අපූරුවට සිත්තම් කළ අයුරු දක්වන ගාමිණී ජයන්ත මෙන්ඩිස් මේ චිත්‍ර විහාර සිතුවම් ක්ෂේත්‍රෙයහි කරන ලද ඔහුගේ ශ්‍රේෂ්ඨ නිර්මාණ (Master piece) හඳුන්වා දෙයි.
සාර්ලිස් මාස්ටර්ගේ කලා ජීවිතය වෙනත් පැත්තකට යොමු වන්නේ 1925 වසරේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම නිශ්ශබ්ද චිත්‍රපටය වූ රාජකීය “වික්‍රමය” ඓතිහාසික චිත්‍රපටයේ කල අධ්‍යක්ෂවරයා වීමෙනි. මේ චිත්‍රපටයේ ඔහුගේ සහාය කලා අධ්‍යක්ෂවරයා වූයේ ජී.එස්. ප්‍රනාන්දු නම් ගෝලයාය. මේ චිත්‍රපටයේ ප්‍රධාන පසුබිම් දර්ශනයක් වූ රාජ මාලිගාව ඔවුන් නිර්මාණය කළේ බම්බලපිටියේ පාළු ගොඩනැඟිල්ලකය. මෙහි රාජ කුමාරයා ලෙස රඟ පෑ ඇන්.ඇම්. පෙරේරාට (හිටපු මුදල් ඇමැති) රාජකීය ඇඳුම් නිර්මාණය කළේ මේ ගුරු ගෝලයන් දෙදෙනාය. මූර්ති කලාවට, ප්‍රතිමා නිර්මාණයට යොමු වූ සාර්ලිස් මාස්ටර්, ශාස්ත්‍රානුකූල බුදුපිළිමයක් නිර්මාණය කරන හැටි, මිමි, පරිමාණය ගැන අගනා ලිපියක් “දිනමිණ වෙසක් කලාපයක ලියමින් මෙසේ විස්තර කර තිබුණි.
සම්බුද්ධ ප්‍රතිමා නිර්මාණය
“ඉතා පුරාණයෙහි පටන් තිබෙන ලක්දිවැ චිත්‍ර ශිල්පීන් අතර භාවිතයට පැමිණ තිබෙන සම්බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳ ගුරුදේශයක් දැක්වෙන එකම පොත වූ කලී අන් කිසිවක් නොව “ශාරිපුත්‍ර” නමැති ග්‍රන්ථයයි. එහි දැක්වෙන පරිදි සමාධි බුද්ධ ප්‍රතිමාවක් සෑදීමෙහිදී පළමුකොට එය වර්ග කර ගන්නා ක්‍රමය සැලැස්මට අනුව කළ යුතුය. නළලේ ඉහළ කෙළවරේ පටන් පාදාන්තය නොහොත් ආසනය දක්වාත් දකුණු උර මඬලේ පටන් වම් උර මඬල දක්වාත්, දකුණු දණ මඬලේ පටන් වම් දණ මඬලය දක්වාත් එකම මිම්මෙන් සිටිය යුතු චතුර්මාණ ක්‍රමයයි. එයින් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නියම කඩවසම හරි වැරැදි බලා ගැනීමේ පහසු මාර්ගය වන්නේය.
නියම උස අඟල් 124යි. මුහුණ අඟල් 13 ½කි. නළල දිග අඟල් 4 ½කි. නාසිකාව ද එපමණකි. නාසිකාවේ සිට නිකට අගටත් එපමණකි. කේශාන්තය අඟල් 3 ½කි. කර්ණයේ සිට උෂ්නිශයට අඟල් 11කි. උෂ්ණීෂයේ සිට නළලට අඟල් 10කි. ඇස දිග අඟල් 6කි. බැම අඟල් 5කි. පළල යට අඟල් 6කි. උඩු ඇසිපිය පළල අඟල් 1කි. මුඛය ගැඹුර යව 4කි. කන් කොටු දිග අඟල් 4කි. පළල 2කි. කන් වැල් දිග අඟල් 6කි. ග්‍රීවයේ මහත මුල අඟල් 9යි හෝ අඟල් 8කි. දිග අඟල් 4කි. උර බාහුවේ සිට වැල මිටට අඟල් 27කි. වැලමිටේ සිට මැණික් කටුවට දිග අඟල් 21කි. අත්නාල පළල අඟල් 6කි. දිග අඟල් 7කි. මැදඟිල්ල දිග අඟල් 6කි. යව 4කි. වෙදැඟිල්ල අඟල් 5 ½ කි. මහපටැඟිල්ල දිග අඟල් 3 ½ කි. සුලැඟිල්ල අඟල් 4කි. යව 2කි. යව යනුවෙන් දැක්වූයේ අඟලෙන් අටෙන් පංගුවය. දබරැඟිල්ල අඟල් 5 ½ කි. බාහු මූලය පළල අඟල් 9කි. අග අඟල්7කි. මැණික් කටුව අගල් 3 ½ කි. දකුණු උර මඬලේ සිට වම් උර මඬලට මුහුණ මෙන් 3කි. දකුණු දණ මඬලේ සිට වම් දණ මඬලේ මුහුණින් 4 ½ කි. පපුවේ සිට පෙකණියට අඟල් 13 ½ කි. පෙකණියේ සිට වස්තියට ද එපමණකි. ශ්‍රී පතුල දිග අඟල් 17කි. පළල අඟල් 6කි යන මෙසේ ගණන් මිණුම් යනාදිය ගැන නොදැන හෝ නොසලකා හිතුමතයට සම්බුද්ධ ප්‍රතිමා කිරීමෙන් අපේ චිත්‍ර කලාව දැන් දැන් බහින කලාවට වැටී ගෙන එන ශාස්ත්‍රානුකූලව ඉතා පරීක්ෂාවෙන් කළ යුතු බව ශාසනාලයෙන් මතක් කරමි.
සාර්ලිස් මාස්ටර්ට බුදුපිළිම නෙළීම සඳහා අනුග්‍රහය, උපදෙස් දී ඇත්තේ වෛද්‍ය ග්‍රේබ්‍රියල් ගුණවර්ධන මහතාය. අනගාරික ධර්මපාලතුමා, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, කර්නල් ඕල්කට් තුමා, මියුසියස් හිඟන්ස්, ආණ්ඩුකාරතුමාගේ ද ප්‍රතිමා සාර්ලිස් මාස්ටර් අතින් නිර්මාණය වී ඇත.
පණ්ඩිත ගුණපාල සේනාධීරයෝ “සිළුමිණ” පුවත්පතට මාස්ටර් ගැන අනුස්මරණ ලිපියක් ලියමින් මෙසේ කියා තිබුණි.
“සාර්ලිස් මාස්ටර්ගේ අතින් නිමැවූ බුදුපිළිමයක් සිය නිවසෙහි තබා ගත් ගෘහපතියෝ එකල ධනවතුන් වූහ. ඔහුට සිංහල බෞද්ධ චිත්‍ර කලාවේ ස්වරූපය අමුතු මඟකට යොමු කිරීමට මඟ පෑදුණේ හික්කඩුවේ සිරි සුමංගල මහා නා හිමියන්ගේ මෙහෙයවීමෙන් විහාර මන්දිරයෙහි නව කර්මාන්ත සඳහා දායක වීමෙනි.
සීවලී පිංතූරය
සාර්ලිස් මාස්ටර් විසින් නිර්මාණය කළ සීවලී හිමියන්ගේ ප්‍රකට සිතුවම සමච්චලයට ලක් වූ අවස්ථාවක් ගැන සෝමවීර චන්ද්‍රසිරි කවියා (පසුව සංස්කෘතික කටයුතු උප ඇමැති) 1960 නොවැම්බර් මස 20 වැනිදා “සිළුමිණ” පත්‍රයට ලියා තිබුණේය.
“සාර්ලිස් මාස්ටර්ගේ සීවලී පින්තූරය සමච්චලයට භාජනය කළ එක්තරා හාමුදුරුනමක් ඔහු චිත්‍රයක් අඳිමින් සිටියදී මෙසේ ඇසූහ.
“මොකද මාස්ටර්ගේ සීවලී පින්තූරයේ සීවලී හාමුදුරුවෝ නිතරම පාත්‍රයට අත දමා ගෙන ඉන්නේ? ඒක කෑදරකමක් නේද? ” විහිළුවට ප්‍රශ්න කළහ.
“ඒක නේන්නම් හාමුදුරුවනේ, ඔබවහන්සේ වැඩ වසන විහාරේ බුදු හාමුදුරුවෝත් කොච්චරවත් සැතපිලා ඉන්නේ නිදිමතේ වෙන්න ඇති. ” මාස්ටර් අහක බලාගෙනම පිළිතුරු දුන්නේය.
හාස්‍යයට, විනෝදයට කැමති චරිතයක් වූ මාස්ටර්ගේ මුඛරි කට අවදි විය. දිනක් හාමුදුරු නමක් මාස්ටර්ගෙන් මෙසේ අසා තිබුණේලු. “මාස්ටර් හැබෑවට තමුසෙගේ රැකියාව මේකද? ” එවිටම ඔහුගේ මුවින් නිකුත්ව ඇත්තේ “ඇයි, හාමුදුරුවනේ කෑමයි, ඇඳීමයි තියෙන මට රක්ෂාවක් කුමට ද” කියාය.
චිත්‍රයට, පිළිම නෙළීමට, ගීත ප්‍රබන්ධයට මෙන්ම කවි ලිවීමට ද, හිටිවන කවි කීමට ද දක්ෂයෙක් විය. මාස්ටරුත්, සෝමවීර චන්ද්‍රසිරි කවියාත් අතර සිදු වූ කවි සංවාදයක් ඉරිදා ජාතික පුවත්පතක් සංවිධානය කර තිබුණේ මීට ශත වර්ෂයකට පමණ ඉහතය. සෝමවීර කවිය (“කවියන් හොඳ බව”ත්, මාස්ටර් “සිත්තරුන් හොඳ බවත්” කළ වාදය පාඨකයන්ට මහත් ආස්වාදයක් ලබා දී ඇත. සාර්ලිස් මාස්ටර් විසින් ජී.එස්. ප්‍රනාන්දු නම් තම ප්‍රධාන ගෝලයාට චිත්‍ර කලාව අතැඹුලක් සේ කියා දුන්නත්, තම එකම පුතා සුසිල් ප්‍රේමරත්නයන්ට කිසිවක් උගන්වා නැත. තම පුතාට චිත්‍ර ඉගැන්වීමට භාර කළේ “ජී.ඇස්.” නම් තම ගෝලයාටය. පසු කලෙක මේ ගුරා හා ශිෂ්‍යයා චිත්‍රකතා ලෝකයේ පෙරළි කළහ. පියාගේ අඩි පාරේ යමින් සුසිල් මෙන්ම ජී.එස්.ද පොත් කවර නිර්මාණය කළෝය. මාස්ටර් චිත්‍ර කලාව ඉගැන්වීමේ පන්තියක් කොළඹ බෞද්ධ මන්දිරයේ පවත්වා ඇත. එහි නම ‘ලංකා චිත්‍ර විද්‍යාලය”ය. එහි මාස්ටර්ගෙන් චිත්‍ර කලාව ඉගෙන ගත් සිය ගණනක් සිසුන් අතර ජී.එල්. ගෞතමදාස, හැන්රි ධර්මසේන, ඒ.ඒ.ඇස්. සෝදිරිස්, එම්. නෝබට් ද විශේෂය.
1939 වසරේ සාර්ලිස් මාස්ටර්ගේ මූලිකත්වයෙන් යුතුව ආරම්භ කළ වෙහෙරහේන අසූඅට රියන් බුද්ධ ප්‍රතිමාව 1956 බුද්ධ ජයන්තියට අවසන් කිරීමට නියමිතව තිබූ බව යූ.කේ.ඩී. ගීතනන්ද නම් මහතෙක් පුවත්පතකට ලියා තිබුණි. එහෙත්, මේ මහා කලාකරුවා 1955 නොවැම්බර් 21 වෙනිදා ජීවිතයෙන් සමුගත්තේය.
ඒ.ඩී. රන්ජිත් කුමාර