ප්‍රංශයේ මහා අධිරාජයා ලෙස විරුදාවලි ලත් නැපෝලියන් බොනපාට් එවකට භාවිත කළ හිස් වැස්මක් පෙරේදා පැරීස් නුවර පැවැති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් විසිඑක් ලක්ෂයකට ( රුපියල් කෝටි හැට නවයකට ආසන්න මුදලක්) අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොලර් ලක්ෂ හයහමාරක මූලික ලංසුවක් යටතේ වෙන්දේසියට තැබු කළු පැහැති එම හිස් වැස්ම මිල දී ගත් පුද්ගලයා මෙතෙක් අනාවරණය වී නැති බව ද වාර්තාවේ.
එවකට ප්‍රංශ අධිරාජයාගේ තේජස ඔප් නැංවීමට ප්‍රබල සාධකයක් බවට පත් වූ බව කියන ඔහුටම ආවේණික මෝස්තරයෙන් යුතු එම හිස්වැස්ම ඔහුගේ සංකේතය බවත්, ඔහු යුද පිටියේදී එම මෝස්තරයේ හිස්වැසුම් භාවිත කළ බවත් එරට ඉතිහාසඥයන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම නැපෝලියන් අධිරාජයා සතුව මෙවැනි හිස්වැසුම් 120ක් පමණ තිබූ බවත්, ඒවායින් 20ක් පමණ දැනට විවිධ පුද්ගලයන් සතුව ඇති බවත් ඉතිහාසඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.