190
අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ බිරිය වන රොසලින් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 96 හැවිරිදි වියෙහි පසු වූ හිටපු ජනපති ආර්යාව පසුගිය කාලයේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට මුහුණ දී සිටි බව ද වාර්තා වේ. මිය යෑමට දින දෙකකට පෙර ඇගේ සැමියා දැකබලා ගැනීමට ඔහු නවාතැන් ගෙන සිටින කාටර් පදනමට අයත් වැඩිහිටි නිවාසයකට රැගෙන ගොස් තිබිණි. ජිමී කාටර් එම වැඩිහිටි නිවාසයේ නවාතැන් ගෙන සිටින්නේ පසුගිය පෙබරවාරි මාසයේ සිටය.
මේ වන විට 99 හැවිරිදි වියෙහි පසුවන ජිමි කාටර් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේ රොසලින් අවසන් හුස්ම හෙළූ බව වාර්තා වේ.