සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (20) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැමිණ සිටි නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ඒ මහතාට සුබ පැතුම් එක් කළහ. නව ලේකම්වරයා ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම්වරයකු වශයෙන් ද සේවය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයකු වශයෙන් ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පත් කර තිබිණි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කළ ඒ මහතා කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න, වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්ම මහත්මීන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු රෝහල් හා සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් අධ්‍යක්ෂවරු සහභාගී වූහ.
සන්ධ්‍යා කරුණාරත්න