Tuesday, December 5, 2023
Home » ඉන්දීය මුදල් ඇමැතිනියගේ ඉල්ලීමකට ඉන්දීය ධීවරයන් 22ක් – යාත්‍රා 5ක් නිදහස්

ඉන්දීය මුදල් ඇමැතිනියගේ ඉල්ලීමකට ඉන්දීය ධීවරයන් 22ක් – යාත්‍රා 5ක් නිදහස්

by sachintha
November 21, 2023 1:02 am 0 comment

ඉන්දීය මුදල් ඇමැතිනී නිරූපමා සීතාරාමන් මහත්මිය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් මත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය තහවුරු කිරීමේ තවත් ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 22ක්, ඔවුන් පැමිණි යාත්‍රා 5ක් සමඟ පෙරේදා (19) නිදහස් කර තිබේ.
නිදහස් කළ යාත්‍රා පසුව ඉන්දියාව වෙත යැවීමට පියවර ගෙන ඇති අතර, මුලින්ම ධීවරයන් පිරිස පමණක් භාරදීමට පියවර ගෙන තිබුණි. එසේ නිදහස් කරන ලද ඉන්දීය ධීවරයන් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා මඟින් ජාත්‍යන්තර මුහුදු කලාපයට රැගෙන ගොස් ඉන්දීය නාවික හමුදාවට භාර දීමෙන් පසුව එම ධීවරයන්ගෙන් කොටසක් ඊයේ (20) අලුයම ඉන්දියාවේ පම්බන් වරායට ළඟාවී ඇත.
අනෙක් ධීවරයන් පිරිස ඔවුන් පදිංචි පළාත් අනුව ඒ ඒ වරායන් වෙත යැවීමට ඉන්දීය නාවික හමුදාව පියවර ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ ධීවරයන් පිරිස ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය නොකළ බවත්, අධික සුළං සහිත තත්ත්වය මත ඔවුන්ගේ යාත්‍රා උතුරු මුහුද දෙසට ගසාගෙන ආ බවත්ය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT