441
අක්කරෙයිපත්තුව ඩිපෝව යටතේ වසර 18ක කාලයක් පැවැති පොතුවිල් උප ඩිපෝව පළාතේ ප්‍රවාහන සේවා කටයුතු විධිමත් කරලීම උදෙසා ප්‍රධාන ඩිපෝවක් බවට පත් කර දෙන ලෙස එම ප්‍රදේශයේ වෙසෙන සර්ව ආගමික නායකයන් ඇතුළු ජනතාවගෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ඉල්ලීම් රැසක් ලැබී තිබේ. ප්‍රවාහන ඇමැතිවරයා එම ප්‍රදේශයට පැමිණෙන බව සැලවීමෙන් එහි වෙසෙන අති විශාල ජනතාවක් පොතුවිල් නගරයට පැමිණ ඇමැතිවරයා හමුවී මේ ඉල්ලීම කළහ.
සුභාෂිණී සේනානායක