Saturday, May 10, 2025
Home » ක්‍රිකට් අක්‍රමිකතා විමර්ශනයට පක්ෂ විපක්ෂ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ක්‍රිකට් අක්‍රමිකතා විමර්ශනයට පක්ෂ විපක්ෂ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

by sachintha
November 21, 2023 12:12 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයක් සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඊයේ (20) තීරණය කර තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ තීරණය ගත් බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා රැස්වීම් ඉදිරියට පැවැත්වීමටත් කාරක සභා සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණයක් පරිදි සිදුවිය යුතු බවටත් මෙහි දී සාකච්ඡා වී ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුව දෙසැම්බර් 10 වැනි ඉරු දින පෙරවරු 9.30 සිට 4.30 දක්වා රැස්වීමටද මෙහි දී තීරණය කර තිබේ. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය එදින පැවැත්වීමට මෙහි දී තීරණය වී තිබෙන අතර ඊට අමතරව ලබන 22 සහ 24 දෙදින පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද සිදුකර තිබේ.
මේ අතර අය-වැය දෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද (21) පෙරවරුවේ සිදු කෙරේ.
ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT