Saturday, May 10, 2025
Home » ලෝක රූපවාහිනි දිනය අදයි

ලෝක රූපවාහිනි දිනය අදයි

රූපවාහිනිය-ගුවන්විදුලිය ඒකාබද්ධයට කැබිනට් පත්‍රිකාවක්

by sachintha
November 21, 2023 12:13 am 0 comment

ලෝක රූපවාහිනි දිනය අදට (21) යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක රූපවාහිනි දිනයක් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ 1996 වසරේදී වන අතර ඊට හේතු වනු ලැබුවේ ප්‍රතිපත්ති සැකසීමේ දී තීරණ ගැනීමේ දී ජනතාවට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමෙහිලා රූපවාහිනිය වැදගත් මෙවලමක් වන හෙයිනි. වර්ථමානයේ පවතින තත්තවය අනුව එකී කාර්යය විවිධ ආකාරයේ සන්නිවේදන මෙවලම් මඟින් සිදු කෙරෙන නමුත් වඩා නිවැරදි වූත් වඩාත් විශ්වසනීය වූත් පුවත් ජනතාවට සන්නිවේදනය වන විද්‍යුත් මෙවලම් ලෙස රූපවාහිනියට මෙන්ම ගුවන්විදුලියටද සුවිශේෂි ස්ථානයක් හිමිව තිබේ. මේ පිළිබඳ අවධානය යොමු කරමින් ගුවන්විදුලිය හා රූපවාහිනිය ඒකාබද්ධ කිරීමට අදාළව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසුව තොරතුරු ජනතාව අතරට ගෙන යාමේ ක්‍රියාවලිය නව වෙනසකට භාජනය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය අදහස් කරයි. අදට යෙදී තිබෙන ජාත්‍යන්තර රූපවාහිනී දිනය පිළිබඳ විශේෂ ලිපියක් අද 4 පිටුවෙහි පළවේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT