ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්රදේශයේ ඊයේ (20) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්රදේශයේ ළඳු කැළෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් එකසිය එකකට (101) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙයි
කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්රදේශයේ ළඳු කැළැවක් තුල සඟවා තිබූ සැකකටයුතු උර තුනක් (03) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කර තිබෙයි.
එහිදී, එම උර තුනෙහි (03) පාර්සල් පනස් එකක (51) අසුරන ලද කේරළ ගංජා කිලෝ 101 ග්රෑම් 750 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන හතළිහකට (40) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරන තෙක් නාවික හමුදාව භාරයේ සුරක්ෂිතව තබා ඇත.