337
ධාවනය වෙමින් තිබූ බස් රථයක පිටුපස පා පුවරුවෙන් ඇදවැටී කාන්තාවක් මියගොස් තිබෙයි
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 56ක අම්බලන්මුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙම අනතුරින් ඇගේ ස්වාමී පුරුෂයා ද අනතුරට ලක් වී තිබෙයි
ඊයේ (20) උදෑසන එම අනතුර සිදුව තිබුණේ සීදුව පොලිස් වසමේ කොළඹ – හලාවත මාර්ගයේ දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසලදීය.
තුවාල ලැබූ ස්වාමි පුරුෂයා රෝහල් ගත කර ඇත.
අනතුර සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.