273
රට තුළ ළමා මවුවරුන් දෙදහස් දෙසීය අසූ හත්දෙනෙකු සිටින බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළාය.
මව පිටරට රැකියාවලට යොමුවීම, මවුපියන් දෙදෙනාම රැකියාවන්හි නිරතවීම, මවුපියන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම, නවීන ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම ආදී කරුණු එම තත්ත්වයට බලපා ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත‍්‍රආරච්චි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළාය.