284
රාජපක්ෂවරුන්ට කොතරම් මඩ ගැසුවත් ඔවුන්ට අත්හැරීමේ හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.
අය වැය දෙවැනි වර කියවීමේ හයවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
රාජපක්ෂවරු හොරු කියලා ජනතා මතයක් ඇති කරන්න උත්සාහ කරනවා. උගන්ඩාවට ප්ලේන්වලින් මුදල් ඇද්දා කියලා ජනතාව මුලා කරමින් රාජපක්ෂවරුන්ට විවිධ අවලාද කියනවා. බදු අඩු කළා කියලා තමයි රාජපක්ෂවරුන්ට අධිකරණ තීන්දුවක් ලබා දුන්නේ. හොරකම් කළා කියලා නොවෙයි.