Tuesday, December 5, 2023
Home » ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කර තිබෙනවා

ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කර තිබෙනවා

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
November 21, 2023 1:03 am 0 comment

ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු අතරතුර ක්‍රිකට් සම්බන්ධයෙන් මතු වූ කරුණු දැක්වීම් අතරතුර අදහස් දක්වමිනි.
තවදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.
මෙම නාඩගමට තවදුරටත් රැවටීම සිදු නොකළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ‘සමගි ජන බලවේගයේ නායකත්වය අනවබෝධයෙන් සාවද්‍ය ලෙස අර්ථකථන කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති බවට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැනි ජාත්‍යන්තර ආයතන හා සම්බන්ධ ආයතන ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් විස්තරාත්මක කරුණු පූර්ණ වශයෙන් නොදැන සිටින්නන් කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සානුකම්පිත වන බවත් එවැනි විවේචනයක් සිදු කරන කිසියම් පුද්ගලයකු වේ නම් එවැනි විවේචන සිදු කිරීමට පෙර අදාළ කරුණු කෙරෙහි බුද්ධිමත්ව සලකා බලන ලෙස ඉල්ලා තිබෙනවා.
ක්‍රිකට් ආයතනය මෙවැනි ලිපි යොමු කිරීම තමාගේ වරප්‍රසාද කඩකිරිමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ගෙන එන ආකාරයට කටයුතු කළ බවට වගකීමෙන් මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා නොවැම්බර් 6,7 සහ 9 යන දින තුළ මෙරට ක්‍රිකට් පරිපාලනය අයි. සී. සී. හි සභාපතිවරයාට යොමු කර ඇති ලිපි සභාගත කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT