Tuesday, December 5, 2023
Home » ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණයෙන් තොරව පවත්වාගෙන යන්න නව වැඩපිළිවෙළක් ඕනෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණයෙන් තොරව පවත්වාගෙන යන්න නව වැඩපිළිවෙළක් ඕනෑ

-ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ

by sachintha
November 21, 2023 1:01 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණයෙන් තොරව පවත්වාගෙන යෑමට නම් නව වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රමුඛ මහජන නියෝජිතයන් 225 දෙනාම පිළිගෙන ඇති බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.
එසේ තිබියදීත් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදය ක්‍රිකට් හි ස්වාධීනත්වයට හානිකරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පෙන්වීමට ෂම්මි සිල්වා මහතා උත්සාහ කරන බවද ඇමැතිවරයා පැවසීය.
ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේ ද පැවසීය.
2023-11-11 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ෂම්මි සිල්වා මහතාගෙන් ප්‍රශ්නයක් අහනවා, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න ඔබතුමා මැදිහත් වුණාද කියලා. ඒ වේලාවේ ෂම්මි සිල්වා මහතා කියනවා, එහෙම කරන්න තරම් මම පොරක්ද කියලා. එතුමාගේ භාෂාවෙන්ම කිව්වොත්.
මම මේ අවස්ථාවේ සභාගත කරනවා, ඉතා වැදගත් ලියවිලි 03ක්. මේ ක්‍රිකට් ක්‍රීඩාව පාවා දීපු ආකාරය සම්බන්ධව. නොවැම්බර් 06, 07 යන දිනවල අධිකරණයේ නඩුව විභාග වෙද්දී මේ අය නැවත ලිපියක් නිකුත් කරනවා නීතියට පිටින් ගිහිල්ලා. 9 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කර තිබියදී මහජන පරමාධිපත්‍ය අභියෝගයට ලක්කරමින් නැවත ලිපියක් නිකුත් කරනවා. ශම්මි සිල්වා සම්පූර්ණයෙන් බොරු ලියලා අයි.සී.සී. එක නොමඟ යවලා තියෙන්නේ. මාගේ කාලයේ රග්බි, ෆුට්බෝල් තහනම් කළා කියලා. ඒත් ඒ දෙකේම තහනම දැන් ඉවරයි. දෙවැනි ලියුමෙන් ශම්මි සිල්වා බලකරලා තියෙනවා අතුරු කමිටුවක් පත් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ඇතුළු සියලුම අනිත් තරගාවලි රටින් ගෙනියන්න කියලා මේ ප්‍රකාශය තුළ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වයස 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය, පිරිමි ටී20 ලෝක කුසලානය, 2027 පෙබරවාරි මාසයේ අයි.සී.සී. කාන්තා චැම්පියන්ස් කුසලානය අපිට අහිමි වෙනවා කියලා ඇමැතිවරයාට දන්වන ලෙස අයි.සී.සී. එකට ශම්මි සිල්වා කියනවා. එතකොට මේ අයි.සී.සී. එකෙන්ද මේ ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීම කළේ කියලා මෙතනින් තේරෙනවා.
ඒ වගේම 09 වැනිදා පාර්ලිමේන්තුවේ සිදු කළ විවාදය අභියෝගයට ලක්කරමින් තවත් ලිපියක් ලියනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අයි.සී.සී. ආයතනයට යවලා තියෙන විද්‍යුත් ලිපිවල අන්තර්ගතය එකින් එක මම පැහැදිලි කරනවා. ශම්මි සිල්වා නොවැම්බර් 06 වැනිදා අයි.සී.සී. ආයතනයට ලියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් දැම්මා කියලා. එහි සඳහන් වෙනවා ඇමැතිවරයෙක්ගේ දේශපාලන සහචරයන් ඒ අතුරු කමිටුවට දැම්මා කියලා. කෙසේ වෙතත් මම කියන්නේ නැහැ ලෝකයේ වෙනත් රටවල්වල ඕනෑ තරම් දේශපාලනයට ළඟින් සම්බන්ධ ඥාතීන් ඉන්නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT