Saturday, May 10, 2025
Home » මේ අය වැය හිස් වචනවලින් ලියැවුණු ලියැවිල්ලක් පමණයි

මේ අය වැය හිස් වචනවලින් ලියැවුණු ලියැවිල්ලක් පමණයි

-මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

by sachintha
November 21, 2023 1:00 am 0 comment

බදු ආදායම එකතු කරනවා වෙනුවට ජනතාවගේ රීරි මාංස සූරා කන බදු එකතු කිරීමේ ක්‍රමයක් වත්මන් ආණ්ඩුව අනුගමනය කරන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහස්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසුවේය.

අය වැය දෙවැනි වර කියවීමේ හයවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ද පැවසුවේය.

සඟවා ගත් අරමුණු මේ අය වැය තුළ ඇතුළත්. මේ අය වැය හිස් වචනවලින් ලියැවුණු ලියැවිල්ලක්.

අපනයනය පදනම් කර ගත් තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කරනවා, පරිසර හිතකාමී නීලහරිත ආර්ථිකයක්, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනඟනවා ලෙස පසුගිය අය වැය තුළින් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා ඉදිරිපත් කළා. හැන්සාඩ් වාර්තාවේ අය වැය කතාවේ එහෙම තිබුණත් වසරක් තුළ එම කතාව එම වචන ඒ කැටයම් දේශපාලන සාහිත්‍යයට එක්ව තිබෙන්නේ නොමේරූ සාහසික ප්‍රලාපයන් විදිහට. 2024 වසර වෙනුවෙන් ජනාධිපතිවරයා කියන්නේ සමජීව කතාව පදනම් කර ගත් අය වැයක් ඉදිරිපත් කරන බව. කවරේ බෞද්ධ දර්ශනය තිබෙනවා. පොත ඇතුළේ මොනවාද තිබෙන්නේ. හරක් හොරුන් හරක් ගෙනියන වාහනයේ ඉදිරිපස ගසා තිබෙන්නේ බුදු සරණයි කියලා. එතකොට පොලිසිය අත දාන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගහලා තිබෙන්නෙ ස්වස්ථි සිද්ධම් කියලා. ඒ සියලු දෙනාටම යහපතක් කියලා. අය වැය ගැන අපි කලබල වෙන්න ඕන නැහැ. නමුත් අය වැය මුල, මැද, අග විග්‍රහ කර බලන්න ඕනෑ. අය වැයක් ඉදිරිපත් කිරීම හරි අමාරුයි. ණය මත නොදුවන ශ්‍රී ලාංකික ආර්ථිකයක් කියලා අය වැයේ සඳහන් වෙනවා. මේ තේමා පාඨය හරිම ලස්සනයි. 1997 වසරෙන් පසුව හැම ජනාධිපතිවරයකුටම ලෙඩක් හැදුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT