ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන භෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය. අය වැය දෙවැනි වර කියවීමේ හයවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, කිරි අල, අන්නාසි, මෑ කරල් ආදිය මෙලෙස ඩොලර් වැය කර ගෙන්වා තිබෙනවා.
අමාත්‍යාංශවලට ජනාධිපති වෙන් කළ මුදල්වලින් අමාත්‍යාංශය වැඩ කළ යුතුයි. තමන්ට බාර දී තිබෙන කාර්ය සාධනය නිසි පරිදි ඇමැතිවරුන් කළ යුතුයි. එසේ නොමැතිව තවදුරටත් කිරි අල, මඤ්ඤොක්කා, බතල ගෙන්වන ආර්ථිකයක් හදලා වැඩක් නැහැ. මහ පොළොවේ වැවෙන භෝග ටික වවා ගන්නේ නැතිව පොළොව යට තියෙන ඛනිජ ගැන හොයලා වැඩක් නැහැ. කිරි අල, මඤ්ඤොක්කා ගෙනැවිත් රටේ තිබෙන ඩොලර් පිටරට වෙත යවන්න උත්සාහ කරනවා නම් එය අවාසනාවක්. නමුත් ක්‍රිකට් ආර්ථිකයක් නම් මේ රටේ හැදිලා නැහැ. ඒ අනුව අපට තේරුම් ගන්න පුළුවන් විපක්ෂයේ අදහස මොකද්ද කියලා. කෝප්, කෝපාවල දෙන තීරණ නිසි පරිදි ඉටු කරනවාද කියන පසු විපරම කළ යුතුයි.
කිරි අල ඇතුළු භෝග කිහිපයක් ගෙන්වන්න ඩොලර් මිලියන 295ක් වැය කර තිබෙනවා
- මන්ත්‍රී මධුර විතානගේ
273