Saturday, May 10, 2025
Home » පුස්තකාලයට පොත් ගන්න විලයාය ප්‍රාථමිකයෙන් පොත් පෙරහරක්

පුස්තකාලයට පොත් ගන්න විලයාය ප්‍රාථමිකයෙන් පොත් පෙරහරක්

by sachintha
November 21, 2023 1:00 am 0 comment

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් විලයාය ප්‍රාථමික විද්‍යාලයේ පුස්තකාලයට අවශ්‍ය පොත්පත් එකතු කර ගැනීමේ අරමුණින් එම විද්‍යාලයේ සිසුන් විසි වැනිදා පොත් එකතු කර ගැනීමට පෙරහරක් පවත්වා තිබේ.
විවිධ දුෂ්කරතා සහ අඩුපාඩු මධ්‍යයේ විලයාය ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හයසියයකට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර එම විද්‍යාලයේ පුස්තකාලයට විශාල අඩුපාඩුවක්ව පැවැති අවශ්‍ය පොත්පත් එකතු කිරීම සඳහා සියලු සිසුහු පොත්පත්වල අගය සහ පොත් කියවීමේ වටිනාකම පැහැදිලි කරන දැන්වීම් පුවරු සකසාගෙන අරලගංවිල නගරය සහ ඒ අවට පෙරහැරක් සිදු කර පොත්පත් විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත් වූහ.
සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT