Home » කිත්සිරිපුර මුලං යාය කුඹුරු අක්කර 150ක් විනාශයි
ආඳදොළ ඔයේ ගං කණ්ඩිය කැඩිලා

කිත්සිරිපුර මුලං යාය කුඹුරු අක්කර 150ක් විනාශයි

by sachintha
November 21, 2023 1:00 am 0 comment

දෙයියන්දර ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් කිත්සිරිපුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි කිත්සිරිපුර මුලං යාය කුඹුරු යායේ පැළ ගොයම් සහිත වී වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව ගොවීහු පවසති.

ආඳදොළ ඔයේ ගං කණ්ඩිය ස්ථාන කිහිපයකින්ම කැඩී යෑම හේතුවෙන් කුඹුරු යාය මැදින් ජලය බැස යෑමට පටන් ගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම ගොවීහු වැඩිදුරටත් සඳහන් කරති. තවද කුඹුරුවලට ජලය ලබා ගැනීම පිණිස ඉදිකර තිබෙන හුණු අමුණ ආසන්නයේ මෙලෙස ගං කණ්ඩිය කැඩී ගොස් තිබෙන ස්ථානවල මේ වන විට විශාල කපොලු නිර්මාණය වීම හේතුවෙන් ඕකඳුයාය, දූන්ද යාය, කණු කැටිය හා දේවාලේගම යාය ඇතුළු කුඹුරු යායවල් කිහිපයකම අක්කර 150ක් පමණ පැළ ගොයමට ජලය ලබා ගැනීමට නොහැකි වීමෙන් එම වගාවන් ද විනාශ වීමේ අවදානමක් පවතින බව ගොවි සංවිධාන රැසක පිරිස පෙන්වා දෙති.

ඔවුන් චෝදනා කරන්නේ, මේ සම්බන්ධව වගකිවයුතු අයට දන්වා සිටියත් කොට්ඨාසය භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරතුමිය පමණක් අදාළ ස්ථානයේ පරීක්ෂාවක් සිදු කර අදාළ අංශ දැනුම්වත් කළද ඊට අදාළ ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකළ බවයි.

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර එම්. ඉන්ද්‍රානි මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

Òපසුගිය දිනවල පැවැති අධික වර්ෂාපතනයත් සමඟම ඇති වූ ගංවතුර තත්ත්වය නිසා ආඳදොළ ඔයේ ගං කණ්ඩිය ස්ථාන කිහිපයකින්ම කැඩී ගොස් තිබෙනවා. ඒ නිසා කිත්සිරිපුර මුලං යායේ පැළ ගොයම සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තිබෙන බව මට දැක ගන්න හැකියාව ලැබුණා. ගොවීන්ගේ දුක මට තේරෙනවා. මේ තත්ත්වය නිසා මුලං යාය ඇතුළු කුඹුරු අක්කර 150කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. ගොවීන්ගේ පැමිණිලි මත මා කිහිපවරක්ම ස්ථානය පරීක්ෂාවට ලක් කළා. මට පෙනෙන විදිහට එම ස්ථානවලට තාවකාලික පැලැස්තර යොදා වැඩක් නැහැ, ස්ථිර පැති බැමි යොදා ගං කණ්ඩිය ශක්තිමත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය‍ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරීතුමියට, ගොවිජන නියෝජ්‍ය කොමසාරිස්තුමියට, පළාත් වාරිමාර්ග ආයතනයට, මුලටියන ප්‍රාදේශීය ලේකම්තුමියට හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිඛිතව දැනුම් දීම් සිදු කළා.

දෙයියන්දර සමූහ

තමරසිරි විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT