ඓතිහාසික බතලේගල පාමුල නිධානයක් හාරමින් සිටි රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු ත්‍රිරෝද රථ දෙකක් ඇතුළු ඒ සඳහා භාවිත කරන ලද උපකරණ කිහිපයක් සමඟ පෙරේදා (19) අරණායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිණ. අත්අඩංගුවට පත් එක් කාන්තාවක් මැල්සිරිපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි නිලධාරිනියක් වන අතර, අනික් නිලධාරිනිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවිකාවක් බව පොලිසිය පැවසීය. මෙම නිධානය ගොඩගැනීමට සැලසුම් කර ඇත්තේ මැල්සිරිපුර කාන්තාව වන අතර, ඒ සඳහා දුල්දෙණිය ප්‍රදේශයේ පිරිමි පුද්ගලයකු ද සහයෝගය දක්වා තිබේ.
කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අරණායක පොලිස් ස්ථානාධිපති රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම පිරිස අත්අංඩගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මාවනැල්ල විශේෂ – සමන් විජය බණ්ඩාර, අරණායක සමූහ – රෝහණ ජයරත්න