දරු පවුලක් ජීවත් වූ මහ වැස්සට කඩාවැටුණු පැල්පත වෙනුවට මසක් ඇතුළත නව නිවෙසක් තනා එම පවුල පදිංචි කරවීම පසුගියදා (17) හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියඹලාගස්විල උතුර ග්‍රාම නිලධාරී වසමේ සෙත්පුර ගම්මානයේදී සිදු විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිවෙස හිමිවූ පුද්ගලයා වන සමන්ත රුද්‍රිගෝ මහතා මෙසේ පැවසීය.
Òගිය මාසයේ 03 වැනිදා රාත්‍රියේ මහ වැස්ස වෙලාවෙ දරුවන් දෙදෙනා සමඟ බිරියත් මමත් පැල්පතේ සිටින විට එක්වරම මහ ශබ්දයක් ඇහුණා. නැඟිටලා බලන විට මැටි බිත්තියේ කොටසක් ගැලවී වැටුණා. දරුවන් සමඟ එළියට ඇවිත් ජීවිත බේරා ගත්තා. මාසයක් ගත වූ තැන අලුත් ගෙයකට දරුවන් සමඟ පදිංචියට යෑමට හැකි වීම මට හීනයක්.
සෙත්පුර ගම්මානයේ සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති එස්. වී. පී. ආනන්ද මහතා රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔලිවර් ගමගේ පදනෙමහි සහාය ලබාගෙන නව නිවෙසක් තැනීමේ කටයුතු ආරම්භ කර ඇත. නිවෙස් හිමියාගේ ද උපරිම සහාය මත ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලබාගෙන මසක් ඇතුළත අංග සම්පූර්ණ නිවෙසක් තනා නිවෙසට අවශ්‍ය බඩු බාහිරාදිය ද සමඟ අදාළ පවුලට භාර දීම මෙහිදී සිදු විය.
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමිය ද, කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති එස්. වී. පී. ආනන්ද මහතා ද හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එස්. වී. ජනිත් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ලුණම සමූහ – සනත් ගමගේ