Home » නිපුන් සුවපත් කර ගැනීමට පිහිට පතයි

නිපුන් සුවපත් කර ගැනීමට පිහිට පතයි

by sachintha
November 21, 2023 1:00 am 0 comment

නුඟවෙල මධ්‍ය විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබමින් සිටි නිපුන් දිල්ෂාන් අබේවර්ධන සිසුවා දණහිස් පිළිකාවකින් පෙළෙන අතර, ඔහු මේ වන විට අනුරාධපුර මහ රෝහලේ අංක 30 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.
නිපුන් දිල්ෂාන් සිසුවාගේ උපන්ගම හසලක ප්‍රදේශය වන අතර, ඔහු නුගවෙල මධ්‍ය විද්‍යාලයට පැමිණ ඇත්තේ 7 වසරේදීය. ඉන් පසු විදුහලේ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නිපුන් මීට මාස පහකට පමණ පෙර හදිසියේම දණහිසේ ඇති වූ ආබාධයක් නිසා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. ඉන්පසු රෝහල තුළදී සිදු කළ පරීක්ෂණවලින් පසු නිපුන්ව වැඩිදුර ප්‍රතිකාර පිණිස මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍ය වෛද්‍ය වසන්ත රත්නායක මහතා වෙත ‍ යොමුකර තිබේ. අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නිපුන් මේ වන විට අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහිදි ඔහුට දණහිසත් සමඟ අස්ථියක් බද්ධ කිරීමට සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබේ.
දරුවා සුවපත් කර ගැනීමට රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලක් වැයවන බවත් එවැනි මුදලක් සොයා ගැනීම අපහසු කරුණක් බව නිපුන්ගේ මව වන සමන්තා මහත්මිය පවසයි. එබැවින් ඒ සඳහා යම්කිසි පරිත්‍යාගක් කිරීමට හැකි නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 101450116572 ගිණුම් අංකයට මුදල් බැර කරන මෙන් ඉල්ලීමක් කරයි. වැඩිදුර තොරතුරු දැන ගැනීම පිණිස මෙහි සඳහන් දුරකතන අංකය අමතන්න 0785300773, ලිපිනය අංක 83/01 මඩවල, ගලගෙදර

කටුගස්තොට සමූහ
එස්. ජී.විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT