ගාල්ල, උණවටුන පුහුණු පාසලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පුහුණුව ලබන 2022 – 2024 කණ්ඩායමට හිස් වැසුම් පැලඳවීමේ උත්සවය (Capping Ceremony) ගාල්ල, උණවටුන පුහුණු පාසලේදී පැවැත්විණි.
දකුණු පළාත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හිස් වැසුම් පැලඳවීමේ උත්සවය පැවැත්විණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස 35 දෙනෙකු පුහුණුව ලබන අතර, හිස් වැසුම් පැලඳවීමේ අවස්ථාවේදී තම නිල ඇඳුමට ගෞරවයක් සැලසෙන ආකාරයට නිසියාකාරව රාජකාරී කටයුතු කරන බවට පොරොන්දුවක් දෙමින් පුහුණු වන පිරිස දිවුරුම් දීමද මෙහිදී සිදු කෙරිණ.
මෙම අවස්ථාවට ආයතන භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ටී. ජී. ආර්. ද සිල්වා මහත්මිය ප්‍රමුඛ, පුහුණු පාසලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආචාර්යවරුන් වන සිරිපාල කැටිපෙආරච්චි, පුලිත රණසිංහ සහ ලලිත් කුමාර ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
විජිත සල්ගාදු – අකුරැස්ස මධ්‍යම විශේෂ