යාපනයේ සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයකට පෙරේදා (19) ඕමන්ත ප්‍රදේශයේදී හදිසියේම ගවයෙකු පැනීම නිසා බස් රථය එම ගවයාගේ ගැටී පෙරළී යාමෙන් මගීන් හතර දෙනෙක් තුවාල ලැබූහ.
තුවාලකරුවන් වවුනියාව රෝහලට රැගෙන ගොස් තිබේ.
ගවයා බස් රථයේ ගැටීම නිසා බස් රථයටද හානි සිදුව තිබේ. මේ නිසා මහනුවර බලා ගමන් ගත් මගීන්ට වෙනත් බස් රථයක් ලබා දීමට සිදු වූ අතර මේ අනතුර නිසා බස් රථයේ ගමනාගමන කටයුතු පැය තුනක පමණ කාලයක් ප්‍රමාද වී තිබේ. මේ දිනවල වර්ෂාව නිසා ගවයින්ගේ අයිතිකරුවන් ගවයින් ගාල්වලට රැගෙන ගොස් ගාල් නොකිරීම නිසා ගවයින් මහා මාර්ගවල නිදැල්ලේ ගැවසීමට පටන් ගෙන තිබේ. එසේ නිදැල්ලේ යන ගවයින් නිසා මාර්ග අනතුරු සිදු වීම වැඩි වී තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ