146
බදුල්ල අළුගොල්ල කන්දේගෙදර මාර්ගයේ ගමන් ගත් බස් රථයක් කොහොවිල ප්‍රදේශයේ දී ඊයේ (20) මාර්ගය හරහා පෙරළී යාමෙන් අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසීය.
බදුල්ල සිට සාර්නීයා වත්තට සේවක පිරිසක් රැගෙන යමින් සිටියදී කොහොවිල පංසල ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත. බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි පුද්ගලයන් දෙළොස් දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ඉන් කිසිවෙකුත් බරපතළ තුවාල ලබා නොමැති බවද පොලිසිය පැවසීය. මෙම අනතුර සම්බන්ධයෙන් කන්දේගෙදර පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන ඌව පළාත් සමූහ – ප්‍රසන්න පද්මසිරි සොරණාතොට සමූහ