162
රැඹෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දුවා දරුවන්ට සහ දරිද්‍රතාවයෙන් පෙළෙන වැඩිහිටියන්ට මෙන්ම ආබාධිත දරුවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් ලිඳවැව සුමනාරාම විහාරස්ථානයේ දී පෙරේදා (19) පැවැත්විණ.
ලිඳවැව අමරජෝති හිමියන්ගේ පූර්ණ සංකල්පයක් මත දානපතියන්ගේ පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. මේ සඳහා රුපියල් ලක්ෂ 05ට ආසන්න මුදලක් වැය කර තිබුණි. ප්‍රතිලාභීන් 100ට ආසන්න පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
කැබිතිගොල්ලෑව සමූහ – එස්. ජී. උබේපාල