පොලොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් වැලිකන්ද ජාතික පාසලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය ඊයේ (20) දිඹුලාගල කොට්ඨාසයේ ප්‍රභූවරුන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කළහ.
වැලිකන්ද ජාතික පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් අසූ දෙදෙනෙකු සඳහා ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවීම මෙහිදී සිදු කළ අතර මෙහි ප්‍රධාන ආරාධිතයන් වූයේ ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශර මහතා සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. මුස්ලිමීන් යන මහත්වරු ඇතුළු දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරුන් සහ විද්‍යාලයේ ගුරුභවතුන්ය.
සිසු දරු දැරියන්ගේ මවුපියන් සහ ආරාධිත අමුත්තන් අතින් ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳ වූහ. වැලිකන්ද ජාතික පාසලේ විදුහල්පති කිත්සිරි ජයන්ත ද සොයිසා මහතා මෙහිදී සඳහන් කළේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල, වැලිකන්ද, දිඹුලාගල යන අධ්‍යාපන කොට්ඨාස අතරින් පසුගිය වසරේ උසස් පෙළ ප්‍රතිඵලවලින් ඉහළින්ම සිටින බවත්, වැලිකන්ද විද්‍යාලය තුළින් රටට යහපත් පුරවැසියන් පිරිසක් බිහි වී ඇති බවත්, නිල ලාංඡන පලඳින සියලු සිසුන් පාසලටත්, රටටත්, ගමටත්, ආදර්ශවත්ව ජීවත් විය යුතු පිරිසක් බවට පත් විය යුතු බවයි.
සිරිපුර – මදුශානි අබේසිංහ