Saturday, May 10, 2025
Home » ජල සම්පාදනයේ ප්‍රතිසංස්කරණ ගැන ADB නියෝජිතයන් සමඟ සාකච්ජාවක්

ජල සම්පාදනයේ ප්‍රතිසංස්කරණ ගැන ADB නියෝජිතයන් සමඟ සාකච්ජාවක්

by sachintha
November 21, 2023 1:00 am 0 comment

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිපත්ති සැලසුම් සහ අධීක්ෂණ රාමුව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
දේශගුණයට ඔරොත්තු දෙන ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසර ජල සැපයුම් පද්ධති කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල මෙහෙයුම්වල පාලනය, තිරසර බව, කාර්යක්ෂමතාව, ඔරොත්තු දීමේ හැකියාව සහ ධාරිතාව සඳහා ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම යන කරුණු මූලික කර ගනිමින් අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.

මේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඇමැති ජීවන් තොණ්ඩමන්, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහත්වරුන් ඇතුළු නිලධාරීහු ද, ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ඇතුළු එහි නියෝජිතයෝ ද මීට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT