ලෝක කුසලාන අවසන් මහා තරගයක විශිෂ්ටතම ඉනිමක් ක්‍රීඩා කරමින් ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තහවුරු කළ ට්‍රේවිස් හෙඩ් පිළිබඳ ලොව විශිෂ්ටතම පාදඟ පන්දු යවන්නා වන ශේන් වෝන් මීට වසර 7කට පෙර පළ කළ අනාවැකියක් ඊයේ යළි කරළියට පැමිණ තිබේ.
වසර 2016 දෙසැම්බරයේ ට්විටර් (වර්තමානයේ එක්ස්) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මේ හිටපු දඟපන්දු යවන්නා ප්‍රකාශ කර ඇත්තේ ට්‍රේවිස් හෙඩ් ඔස්ට්‍රේලියානු පිලේ අනාගත තරුව බවය. ‘මම ට්‍රේවිස් හෙඩ්ගේ උග්‍ර රසිකයෙක්. ඔහු අනාගතයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම මුහුණුවරකින්ම ඔස්ට්‍රේලියාවේ අනාගත තරුව බවට පත්වන බව මගේ විශ්වාසයයි.‘ ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල රැස් කළ ලකුණු 240 හඹා ගිය ලෝක ශූරයන්ගේ මුල් පෙළ කඩුලු 3ක්ම ලකුණු 47ක් ඇතුළත බිඳ වැටීමෙන් පසු ඉනිමේ බර කරට ගත් 29 හැවිරිදි හෙඩ් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 137ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔහු දැවී ගියේ ජයග්‍රහණයට ලකුණු දෙකක් අඩුවී තිබියදීය.
ෆවුස් මොහොමඩ්
262
කලින් පුවත