ඉන්දියාවට පළමු ලෝක ක්‍රිකට් කුසලානය දිනා දුන් නායක කපිල් දේව්ට අහමදාබාද්හි පැවැති ඉන්දියා – ඔස්ට්‍රේලියා අවසන් මහා තරගය නැරඹීමට කිසිවකු ආරාධනා නොකළ බව පවසමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කොට ඇත. වසර 40කට පෙර ලෝක කුසලානය දිනූ කපිල් දේව් ඒබීපී ප්රවෘත්ති සේවයට ප්‍රතිචාර දැක්වූයේ තමන්ට ආරාධනාවක් නොලැබුණු හෙයින් ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට නොගිය බවය. “මට ආරාධනා කළේ නැහැ. ඔවුන් මට කතා නොකළ නිසා මම ගියේ නැහැ. මට ඕන වුණේ 1983 දිනපු කණ්ඩායම මාත් එක්ක ඉන්න. නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය කාර්ය බහුල නිසා මාව අමතක වෙන්න ඇති“ කපිල් දේව් පැවැසීය. මේ අතර කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ ‘83 චිත්‍රපටියේ‘ කපිල් දේව්ගේ චරිතය රඟපෑ රන්වීර් හා ඔහුගේ බිරිය දීපිකා පදුකෝන් තරගය නැරැඹීමට ගොස් සිටි අයුරු දක්නට ලැබිණි.
ප්‍රින්ස් ගුණසේකර
281
කලින් පුවත