251
පිලිපීනයේ පැවති ජ්‍යෙෂ්ඨයින් සඳහා වූ ජාතික ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි 71 හැවිරිදි අකිලා තිරුනායකී මහත්මිය රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දෙයි. ඇය මීටර් 1500 හා 5000 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් දිනාගත් අතර, මිටර් 800 තරගයෙන් ලෝකඩ පදක්කමද දිනා ගත්තාය. මීට අමතරව ඇය මීටර් 400 දුර දිවීමේ තරගයෙන් හතර වන ස්ථානය හිමි කරගෙන ඇත. අකිලා තිරුනායකී මහත්මිය මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි කාන්තාවක් වන අතර, ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ