ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මිචෙල් මාෂ් ලෝක කුසලානය මත කකුල් දෙක තබාගෙන සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යෑමත් සමඟ විශාල කතා බහක් නිර්මාණයවී තිබේ.
මිචෙල් මාෂ් ලෝක කුසලානය මත කකුල් දෙක තබාගෙන සිටින ඡායාරූපය මුලින්ම Instagram හි පළකොට ඇත්තේ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් වන අතර, එතැන් සිට එය සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් ඔස්සේ ලොව පුරා ගමන් කළේය. මිචෙල් මාෂ්ගේ එම ක්‍රියාව බොහෝ දෙනා ‘අගෞරවනීය’ හා ‘අප්‍රසන්න‘ දසුනක් ලෙස හැඳින්වූ අතර, ඔහු මානසික රෝගියෙක් බව ද ඇතැම් අය හදුන්වාදී ඇත.
ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනා පැය කිහිපයකට පසුව මෙම ඡායාරූපය පළවී ඇති අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම වාඩි වී ඔවුනොවුන් සමඟ සැහැල්ලුවෙන් කතා බහ කරමින් සිටි හෝටල් කාමරයේ දී මිචෙල් මාෂ් මෙලෙස හැසිරී ඇතැයි පැවැසේ.
ප්‍රින්ස් ගුණසේකර
434
කලින් පුවත